Gotukola Sambolaya - ගොටුකොල සම්බෝලය

 



සකස් කරන ආකාරය:


ගොටුකොළ ටික හොඳින් සෝදා වතුර බේරෙන්න තියන්න. ඊට පස්සේ සිහින්වෙන්න ලියා ගන්න. ඒකටම අමුමිරිස් කරලක්, ලුණු ටිකක් සිහින්ව ලියා දමන්න. ( රතුළුණු දැම්මම වඩාත්ම රසයි හා ගුණයි. මට රතුළුණු නැති නිසා බී ලුණු දැම්ම). කැරට් අල කාලක විතර පොඩි කෑල්ලක් ඉතාම සිහින්ව ලියා එකටම එක කරන්න. පොල් ටිකක් හා ගම්මිරිස් කුඩු, ලුණු කුඩු හා උම්බලකඩ ටිකක්‌ දෙහි එකතු කර කොළ පොඩි වෙන්නේ නැති වෙන්න හොඳින් අනල කෑමට ගන්න...


සැ .යු .-

ගොටුකොල සලාදය වඩාත් රසවත් වෙන්නේ කෑම පිළිගන්වන මොහොතේම ඇනුවොත් තමයි. කලින් අනල තිබ්බම කහට පිපෙනවා. රසය වෙනස් වෙනවා. තෙත ගතියක් එනවා.

ලුණු වතුර දාන්න එපා එතකොටත් තෙත ගතියක් එනවා. කොලටික තැම්බෙනවා .

කැරට් දැමීම අවශ්‍යම නැහැ . එත් දැම්මම වැඩි රසයක් හා ලස්සනක් එනවා.

ඔබට පහතින් පහසුවෙන්ම පිරිසිදු කර සෞඛ්‍ය ආරක්ශිතව ඇසුරුම් කල ගොටුකොල පැකට් එකක් මිලදී ගත හැක...

{getProduct} $button={Buy Now 150g} $price={Rs : 100.00}

Post a Comment

0 Comments