යාපනේ විදිහට ගොටුකොළ සම්බෝල හදමු..

 


යාපනේ අය ගොටුකොළ හදන්නෙ මෙහෙම. මං හිතන්නෙ ගොඩක් අය මුල්වරට අහන්න ඇත්තෙ මෙහෙම සම්බෝලයක් ගැන. මේක හරිම රසයි. බත් එක්ක තමයි කන්නෙ. මට හිතෙනව රොටිවලටත් ගැලපෙනවා ඇති කියලා. හදාගන්නෙ මෙහෙමයි.


අවශ්‍ය දේවල්:

ගොටුකොළ මිටියක්

වියළි මිරිස් කරල් කිහිපයක්

බැදීමට තෙල්

පොල්

ලුණු කුඩු

රතු ළූනු ගෙඩි කිහිපයක්

දෙහි ඉස්ම

වතුර ස්වල්පයක්

මාදුරු ඇට කීපයක්

කරපිංචා සහ රම්පේ


සාදාගන්නා ආකාරය:

මම ගත්තෙ පුංචිම ගොටුකොළ මිටියක්. ඒක හොඳින් සෝදල ටිකක් ලොකු කැබලි වලට කපාගන්න.

ඊට පස්සෙ වියළි මිරිස් කරල් දෙකක් හෝ තුනක් අරගෙන රත්වුනු තෙල් චුට්ටකින් බැදගෙන, ග්‍රයින්ඩ් කරගන්න.

ඒකටම ගොටුකොළ, පොල් කප් එකක්, අවශ්‍ය තරමට ලුණු කුඩු, සුද්දකරගත් රතු ළූනු ගෙඩි 5ක්, දෙහි ඉස්ම, වතුර ස්වල්පයක් දමා ග්‍රයින්ඩ් කරගන්න. මිරිස්ගලේ අඹරගන්නත් පුලුවන්. ඉස්සර අය එහෙමයි හදල තියෙන්නෙ.

දැන් වෙනම තාච්චියක් ලිපේ තියල තෙල් ස්වල්පයක් ඒකට එක්කර ගන්න. රත් වන විට මාදුරු ඇට කීපයක්, දෙකට තුනට කඩාගත් වියළි මිරිස් කරල් දෙක තුනක්, කපාගත් රතුළූනු, කරපිංචා, රම්පේ එක්කර රන්වන් පැහැ වනතෙක් බැදගන්න (මම මාදුරු දැම්මෙ නෑ ඇට පිටින් හැපෙනවට ආස නෑ. රම්පේ අවශ්‍යම නෑ. ගොඩක් දමිළ අය රම්පේ පාවිච්චි කරන්නෙ නෑ. ඒවගේම මට රතුළූනු තිබ්බෙ නෑ. ඒ හින්ද ලොකු ළූනු දැම්මෙ.)

ගොටුකොළ සම්බෝලෙ උඩින් දාන්න ඒ ටික. මිශ්‍ර කරගන්න. හදල බලල කියන්නකො එහෙනම් වෙනසකටත් එක්ක..

ඔබට පහතින් පහසුවෙන්ම පිරිසිදු කර සෞඛ්‍ය ආරක්ශිතව ඇසුරුම් කල ගොටුකොල පැකට් එකක් මිලදී ගත හැක...

{getProduct} $button={Buy Now} $price={Rs : 100.00}


Post a Comment

0 Comments